by Sagarika Chathumali 21-08-2021 | 10:42 PM
COLOMBO (NEWS1ST) : ඉස්ලාමීය සම්ප්රදාය අනුගමනය කරමින් ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට රැකියා කළ හැකි බවත් ගැහැනු ළමුන්ට පාසල් යා හැකි බවට ත් තලේබාන් සංවිධානය ප්‍රතිඥා දී තිබීම සතුටට කරුණක් බව ශ්‍රී ලංකා රජය නිවේදනය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ, රට ඉදිරියට ගෙන යාම සඳහා සර්ව පාක්ෂික යාන්ත්‍රණයක් ස්ථාපනය කරන බවට තලේබාන් සංවිධානය කළ ප්‍රකාශය පිළිබඳව ද ශ්‍රී ලංකා සිය රජය අවධානය යොමු කර ඇති බවයි.
මේ වනවිට තලේබාන් සංවිධානය බලයේ සිටින බැවින් නීතිය හා සාමය ස්ථාවර කරන ලෙස සහ ඇෆ්ගනිස්ථානයේ සියලු ජනතාවගේ ආරක්ෂාව, ආරක්ෂාව සහ ගෞරවය ආරක්ෂා කරන ලෙස ද ශ්‍රී ලංකා රජය ඉල්ලා සිටින බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
සමස්ත දකුණු ආසියානු කලාපයම අස්ථාවර කිරීමේ බලපෑමක් ඇති කළ හැකි මහා ජන සංක්‍රමණ, අන්තවාදී ආගමික කොටස් විසින් එහි ආරක්ෂිත ස්ථානයක් සාදා ගැනීමට උත්සාහ දැරීම සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම වැඩිදියුණු වීම පිළිබඳව ශ්‍රී ලංකා රජය අවධානයෙන් පසුවන බව ත් එම තත්ත්වය දෛනිකව නිරීක්ෂණය කරමින් සිටින බව ත් එහි සඳහන් ය.
තව ද සාර්ක් සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, මේ සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම කලාපීය ප්රයත්නයකට සහාය වීම සඳහා සිය කාර්ය භාරය ඉටු කිරීමට සූදානමින් සිටින බව ද අදාළ නිවේදනය මගින් අවධාරණය කර තිබේ.