COLOMBO (News 1st) - සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජය 'සමෘද්ධි අරුණලු ජීවනෝපාය සංවර්ධන වැඩසටහන නමින් නව ව්‍යපෘතියක් ආරම්භ කර තිබේ.
නව වැඩසටහන යටතේ තෝරාගත් පවුල් ලක්ෂ 02කට සහනදායී පදනමට මූල්‍යාධාර සහ ණය ලබා දී නිෂ්පාදන ක්‍රියාවලියට දායක කර ගැනීම සිදු කරනු ලබයි.
ගෘහ ආශ්රිත කර්මාන්ත, කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු විවිධ කටයුතු සඳහා තෝරාගත් සමෘද්ධි ලාභීන් යොමුකර ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කර මධ්‍ය ආදායම් ලබන පිරිසක් බවට පත්කිරීම සැලසුමයි.
සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, ශෙහාන් සේමසිංහ මහතා,
මේකේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ එක පැත්තකින් දැනට සමෘද්ධිලාභි පවුල් ඒ වගේම අඩු ආදායම්ලාභි පවුල් වගේම කිසියම් දක්ෂතාවයක් හැකියාවක් උනන්දුවක් තියෙන පවුල් තෝරාගෙන ඔවුන් ලක්ෂ 2 ක් පලවෙනි පියවර හැටියට මේ අවුරුද්දේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ කණ්ඩායමක් බවට පරිවර්තනය කරන්න. අපි ඔවුන්ට රුපියල් පනස්දාහ සිට ලක්ෂය දක්වා මුදල් ආධාර ලබා දීම සිදු කරනවා වගේම අපි විශේෂයෙන් ඔවුන්ට අවශ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා පහසුකම් සැපයීම සිදු කරනවා.