COLOMBO (News 1st) - කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමග දිවයිනේ ප්‍රදේශ කිහිපයක නගරාශ්‍රිත වෙළෙඳ සැල් වසා දැමීමට වෙළෙඳ ප්‍රජාව ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙමින් සිටී.
ඒ අනුව, අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් අද(16) සිට දින 07ක් වසා දැමීමට අම්බලන්ගොඩ වෙළෙඳ සංගමය තීරණය කළේය.
අද (16) දිනය වනවිට අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,431 කි.
ගම්පහ වෙළෙඳ සංගමය ඊයේ(15) කළ දැනුම් දීමකට අනුව අද(16) ගම්පහ නගරයේ වෙළෙඳසැල් රැසක් වසා දමා තිබුණි.
සති 02ක කාලයක් තුළ ආසාදිතයින් 500 කට අධික පිරිසක් කැකිරාව නගරය ආශ්‍රිතව හමුවීමත් සමග එළැඹෙන 27 වැනිදා දක්වා එම නගරය වසා දැමීමට කැකිරාව වෙළෙඳ සංගමය ඊයේ රාත්‍රියේ සිට පියවර ගෙන තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, නගරයේ ඔසුසැල්, වෛද්‍ය රසායනාගාර හා ඉන්ධන පිරවුම්හල් පමණක් විවෘතව පවතින බවය.
මේ අතර දින 07 ක කාලයක් සඳහා වේයන්ගොඩ නගරයේ වෙළෙඳසැල් වසා දැමීමට ඊයේ පියවර ගැනුණේ ද දෛනිකව ඉහළ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වීමත් සමගිනි.
වේයන්ගොඩ වෙළෙඳ සංගමයේ සභාපති එස්.පී.එස්. වීරසිංහ මහතා,
මේ වනවිට මේ ප්‍රදේශයේ මරණ 18 ක් පමණ වාර්තා වනවා කොවිඩ් අනතුරු නිසා. ඒ නිසා මේ නගරය තව තවත් අනතුරුදායක තත්ත්වයට පත් නොකර අපි මේ ව්‍යාපාරික ස්ථාන වසා දැමීමෙන් රජයට සහය දැක්වීමට බලාපොරොත්තු වෙනවා. වේයන්ගොඩ හදිසි මරණ පරීක්ෂකතුමාත් මිය ගියා මේ ප්රශ්නය නිසා.
මේ අතර ජනතාව ස්වෙච්ඡාවෙන් ආරක්ෂා වීමට පියවර ගැනීම යහපත් ප්‍රවේශයක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා,
වෙළෙඳ සමාගමවල් සමහර නගරවල අය එකතු වෙලා ඒගොල්ලන්ගේ ජන ඒකරාශි වීම නවත්වන්න වෙන ක්‍රමයක් නැතිබව තේරුම් අරගෙන ඒවා වහලා දාලා හරි ඒගොල්ලන් උත්සාහ කරන්නේ මේක පැතිරෙන එක වළක්වන්නයි. ඉතින් සමාජයක් හැටියට අපි කාටවත් දොස් කියන්න ඕනේ නෑ. ඇයි මේක කළේ නැත්තේ කියලා. අපිටම කරගන්න පුළුවන් විශාල කොටසක් තියෙනවා.