by Staff writer 09-08-2021 | 10:27 PM
COLOMBO (News 1st) - රුසියානු සංචාරකයින් 44 දෙනෙකු රැගත් ගුවන් යානයක් ඊයේ (08) කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබේ.
උදයංග වීරතුංග මහතා සිය Facebook ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, රුසියානු සංචාරක බුබුළ- සංකල්පය මත මොස්කව් නගරයේ සිට ඊයේ(08) පෙරවරු 6.10ට අදාළ ගුවන් යානය මෙරටට පැමිණ ඇති බවය.
ලෝක වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා රජය සූදානම් බව එම සටහනේ සඳහන් ය.
ශ්‍රී ලංකාවට පැමිණීමේදී ඇති නිර්දේශ මෙන්ම වීසා නිකුත් කිරීමේ ක්‍රමවේද පහසු විය යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සතියේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ අංශ සමග පැවති සාකච්ඡාවකදී පැවසු බව ද උදයංග වීරතුංග මහතාගේ Facebook සටහනේ වැඩිදුරටත් සඳහන් විය.
උදයංග වීරතුංග මහතා මීට පෙර අවස්ථා කිහිපයකදීම යුක්රේන සංචාරකයින් ද මෙරටට රැගෙන ආ අතර ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකම විවාදාත්මක තත්ත්වයක් ද ඇතිවිය.