මෙරට දෛනික කොරෝනා මරණ ගණන පළමු වරට 100 ඉක්මවයි

මෙරට දෛනික කොරෝනා මරණ ගණන පළමු වරට 100 ඉක්මවයි: තවත් මරණ 111ක්

by Hashini De Mel 09-08-2021 | 11:31 PM

COLOMBO (News 1st) - මෙරට දෛනික කොරෝනා ආසාදිත මරණ ගණන පළමු වරට 100 ඉක්මවා අද වාර්තා විය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 111 ක් අද (09) වාර්තා කර තිබේ. මෙය, එක් වරකදී මෙරට තහවුරු කරන ලද වැඩිම මරණ ගණන වේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 56 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 55 දෙනා කාන්තාවන් ය. මිය ගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 21 දෙනෙකු මියගොස් ඇති අතර මියගිය ඉතිරි පුද්ගලයින් 90 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස ඉක්මවූ වැඩිහිටියන් ය.