60 ට වැඩි අයට සයිනොෆාම් අද (5) සිට මධ්‍යස්ථාන 5කදී

අවු. 60 ට වැඩි අයට සයිනොෆාම් අද (5) සිට මධ්‍යස්ථාන 5කදී...

by Staff writer 05-08-2021 | 8:47 AM

COLOMBO (News1st) :  වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට සයිනොෆාම් කොරෝනා මර්දන එන්නත ලබා දීම අද (05) යළි ආරම්භ වේ.

ඒ, රෝහල් සහ එන්නත්කරණ මධ්‍යස්ථාන 6 කදීයි. යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, මෙතෙක් කිසිදු එන්නතක් ලබා නොගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වේ නම් කඩිනමින් එන්නත්කරණයට යොමු වන ලෙසයි. ඒ අනුව, කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, අයි. ඩී. එච්. රෝහල, අවිස්සාවේල්ල දිසා මහ රෝහල සහ විහාර මහා දේවී උද්‍යානයේදී එන්නත්කරණයට යොමු විය හැකි ය. මේ අතර, ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව ලබා ගත යුතු සියලු දෙනා ඊට කඩිනමින් සම්බන්ධ වන්නැයි, සෞඛ්‍යය අමාත්‍යාංශය දැනුම් දී සිටී. අමාත්‍යංශය දැනුම් දෙන්නේ, කුමන හෝ කොරෝනා මර්දන එන්නතක් ලබා ගැනීමෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩු කරගත හැකි බවයි. එම කරුණු සැලකිල්ලට ගෙන එන්නත්කරණයට යොමු වන්නැයි, සෞඛ්‍යය අමාත්‍යාංශය අවධාරණය කරයි.