චමීර කොස්වත්ත ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

පෙරටුගාමී පක්ෂයේ චමීර කොස්වත්ත ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

by Staff writer 04-08-2021 | 9:02 AM

COLOMBO (News1st) : පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ පාලක ලේකම්, චමීර කොස්වත්ත මහතා සහ පක්ෂ ක්‍රියාකාරි කෝෂිලා හංසමාලි අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, පාර්ලිමේන්තුව ඉදිරිපිට ඊයේ (03) පැවති විරෝධතාව අතරතුර රජයේ දේපළ අනර්ථය හා පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් දෙදෙනා අද (04) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති. මේ අතර , පාර්ලිමේන්තුව අසල ඊයේ පැවති විරෝධතාව අතරතුරදි ඇතිවු උණුසුම් තත්ත්වයේදී මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ස්ථානාධිපතිවරයාගේ අතෙහි ඇඟිලි දෙකකට බරපතළ ලෙස තුවාල සිදුව ඇති බවයි.