by Staff writer 31-07-2021 | 9:54 PM
COLOMBO (News 1st) - කහටගස්දිගිලිය ප්‍රදේශයේදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ, පෞද්ගලික ආරවුලක් මත ස්වාමිපුරුෂයා විසින් සිය බිරිඳ ඝාතනය කර ඇති බවය.
ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව ස්වාමියා ද ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇත.
මියගිය කාන්තාව සමග සිටි තවත් කාන්තාවක් සිද්ධියෙන් තුවාල ලබා ඇති අතර ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබනු ඇත.
ඝාතනයට ලක් වූ කාන්තාව දෙදරු මවකි.