by Staff writer 31-07-2021 | 6:17 PM
COLOMBO (News 1st) – රිය අනතුරකින් මියගිය හයිසින්ත් විජේරත්න මහත්මිය ගමන් ගත් වෑන් රථයේ රියැදුරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, අදාළ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවය.
නුවරඑළිය - තලවාකැලේ මාර්ගයේ ලිඳුල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
ටෙලිනාට්‍යයක් රූගත කිරීම සඳහා නුවරඑළිය ගොස් යළි කොළඹ බලා පැමිණෙමින් සිටියදී ඇය ගමන් ගත් වෑන් රථය ලිඳුළ ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් ඊයේ (30) රාත්‍රී එම අනතුර සිදුව තිබුණි.