COLOMBO (News 1st) - රංගන ශිල්පී අනුෂා දමයන්ති අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් කර තිබේ.
දේශපාලනඥයෙකු සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය හරහා සිදු කරන ප්‍රචාරයක් පිළිබඳව ඇය විසින් මෙහිදී පැමිණිලි කර ඇත.
රංගන ශිල්පී අනුෂා දමයන්ති,
මට දැඩි ලෙස ෆේස් බුක් එකේ දැඩි මඩ ප්‍රහාරයක් යනවා. ඒ මං හිතන්නේ රාජපක්ෂ කඳවුර වෙනුවෙන් මම දැඩි සේ සටන්කරයා කියන දේ සහ ඒ වෙනුවෙන් මට ලොකු මඩ ප්‍රහාරයක් යනවා සරත් වීරසේකර සර්වත්, ඇමතිතුමන්වත් සම්බන්ධ කරගෙන. ඒ නිසා මට අවශ්‍ය වුණා ඒ වෙනුවෙන් කටයුතු කරන්න. මොකද කාන්තා ලිංගික හිංසනයට වැටෙන ගණයේ අපරාධයක් තමයි සිද්ධ කරන්නෙ. ඒ වගේ නින්දිත ක්‍රියාවල නිරතවෙන පුද්ගලයන්ට දැඩි දඬුවම් දෙන්න ඕන කියල හිතිච්ච නිසාමයි මං අද සීඅයිඩි එකට ආවේ. හිතන්නෙවත් නැති කලාකාරියක් විදිහට හිතුවෙවත් නැති කවදාවත් මං හිතුවේ නෑ මෙවැනි මඩ ප්‍රහාරයක් මට යයි කියලා. ඒ කියන්නේ වලාන දූෂණ මර්දන ඒකකයෙන් මගේ ගේ වැටලුවට පස්සේ මම සරත් වීරසේකරයන්ට, ඇමතිතුමාට කෝල් කරලා එතුමා වලාන දූෂණ මර්දන ඒකකයට වැටලුවා. ඒ කියන්නෙ මම සමාජයේ සුදුසු නැති ක්‍රියාවක යෙදුවා සහ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියාය කියලා. ඉතින් මම හිතන්නේ කාන්තාවක් හැටියට ඒ වගේ දෙයක් අහන්න සුදුසු නැහැ. මම හම්බ කරපු හැම සතයක්ම හම්බ කරලා තියෙන්නේ මගේ ශ්‍රමයෙන් ශක්තියෙන් කලා කටයුතුවලින්. ඒ නිසා හෙට දවසේ දී සමාජය මගේ දිහා කොයි විදිහට බලයි ද කියන ඒ දේ සහ හැබැයි ඉති සමහරක් අය හිතන්නට පුළුවන් මෙය සත්‍ය තොරතුරක් කියලා. ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ රටේ සීයට පනහකටත් වැඩිය ඉන්නේ කාන්තාවන්. ඔවුන්ගේ හෙට දවස සුරක්ෂිත කිරීමේ අයිතිය ඔබතුමාට සතු නිසා මෙවැනි ක්‍රියාවන්වලට දැඩි දඬුවම් පමුණවමින් කාන්තාවෝ සුරකින්න කියලා.