by Staff writer 23-07-2021 | 8:46 PM
COLOMBO (News 1st) - මෙරට ගත වූ සති දෙකක කාලය තුළ දී කොවිඩ්-19 ආසාදිත මරණ 568 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
වයස 30ට අඩු පුද්ගලයින් 05දෙනෙකු පසුගිය සති දෙකක කාලය තුළ කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති අතර අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයින් 139 දෙනෙකු අදාළ කාලය තුළ කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් තිබේ.
පසුගිය සති දෙකක කාලය තුළ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 424 දෙනෙකු කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
පවතින තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී වයස්ගත පුද්ගලයින් කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මිය යෑමේ ඉහළ අගයක් ගන්නා බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
මේ දක්වා මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 3,959 ක් වාර්තා වී ඇති අතර ඉන් මරණ 13ක් පළමු රැල්ලේදීත්, මරණ 596ක් දෙවන රැල්ලේදීත්, තුන්වන රැල්ලේදී මරණ 3,350ක් ලෙසත් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ය.