එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුවක්ද? නැද්ද? ඇත්ත කියන්නේ කවුද?

by Staff writer 23-07-2021 | 10:15 PM

COLOMBO (News 1st) - එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුව ඇති බවට වාර්තා වන තෙල් කාන්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා,
අපිට යම් තොරතුරු ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා එ්ක ඉන්ධන කාන්දුවක් ද කියන ඒක යම් පැල්ලමක් පිළිබඳව ඒ පිළිබඳව කටයුතු කරන්න අපේ රජයට පුළුවන්කමක් නෑ. මොකද මේ නැව භාරේ තියෙන්නේ සමාගම් භාරේ තියෙන්නේ ඒ අයගේ අවසරයකින් තොරව මේ සඳහා මැදිහත් වෙන්න බෑ. අපි ඒ පිළිබඳ රජය විදියට ඒ පැත්තට දැනුම් දීමක් කරලා තියනවා අපි බලහත්කාරෙන් ගිහින් මැදිහත් වුණොත් ඒ අය සම්පුර්ණයෙන් මේක අතඇරල යන්න පුළුවන් එතකොට මේ වගකීම සම්පූර්ණ අපිට භාරදීලා ඒ නිසා එ වගේ දෙයක් වෙනව නම් එකේ නිවැරදි කිරීමේ වගකීම තියෙන්නේ ඒ අයටමයි ඒ සඳහ පත්කරපු කණ්ඩායමක් ඉන්නව ඒ කණ්ඩායම තමයි ඒ කටයුත්ත අධ්‍යනය කරන්නේ
කෙසේ වෙතත් මුහුදු හා නාවික නීති පිළිබඳව විශේෂඥයින් පවසන්නේ, එවැනි නීතිමය බාධාවක් ජාත්‍යන්තරය තුළ නොමැති බවයි. මේ ඒ පිළිබඳව වාර්තාවකි.. https://www.youtube.com/watch?v=N_S2-kaI8hQ&t=1s