ජනපති සමග සාකච්ඡාවට චන්දිම වීරක්කොඩි ගියේ නැත්තේ ඇයි?

by Staff writer 19-07-2021 | 10:49 PM

COLOMBO (News 1st) - ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්වයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා ඊයේ(18) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වූයේ නැත.

ඔහු සිටින්නේ වෙනත් මතයකද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම චන්දිම වීරක්කොඩි මහතා,
අපි ගමේ වැඩ කරන එක මේ කොළඹ සාකච්ඡා කරනවාට වඩා වැඩිය හොඳයි
ප්‍රශ්නය,
විශ්වාසභංගයට ඔබතුමා සම්බන්ධ වෙන්නේ නැද්ද ?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම චන්දිම වීරක්කොඩි මහතා,
ඒක අපි බලමු ඉතින් මේ විශ්වාසභංගය මේ අත් උස්සලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හදවතේ විශ්වාසය රැකෙනවාද කියන එක කල්පනා කරලා තේරුම් ගැනීම රජයේ වගකීම රජය කරවන අයගේ වගකීම.