අමෙරිකාවෙන් හදන්න යන පිරිපහදුවක් ගැන අනාවරණයක්

මහා පරිමාණ තෙල් පිරිපහදුවක් ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව ඉදිකිරීමට, අමෙරිකානු සමාගමක් උත්සාහයක - වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්

by Staff writer 13-07-2021 | 9:24 PM

COLOMBO (News 1st) - අමෙරිකානු ඩොලර් මිලියන 3,000ක ආයෝජනයක් බව කියන මහා පරිමාණ තෙල් පිරිපහදුවක් ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව ඉදිකිරීමට අමෙරිකානු සමාගමක් උත්සාහ දරමින් සිටින බව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශය වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අනාවරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, ඉදිකර ක්‍රියාත්මක කර පවරා දීමේ පදනම මත මෙම ව්‍යපෘතිය පිළිබඳ යෝජනාව ඉදිරිපත් කර ඇති බවය. එම යෝජනාව ක්‍රියාත්මක කළ යුතු බවට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය විවෘතවම බලපෑම් කරමින් සිටින බව රහසක් නොවන බව ද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය. ඔහු සඳහන් කර ඇත්තේ, එසේ බලපෑම් කළත් එම ආයෝජනයට විවෘත ටෙන්ඩර් පටිපාටිය අනුව ගෝලීය ටෙන්ඩර් කැඳවීමක් කළ යුතුය යන ප්‍රතිපත්තිමය තීරණයේ විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිටින බවය. මේ පසුබිම තුළ අමාත්‍යවරයාගේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට හෝ අමාත්‍යාංශය ඔහුගෙන් ගැලවීම යන තීන්දු දෙකෙන් එකක් ගැනීමට ආණ්ඩුවට සිදුවනු ඇති බව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.