COLOMBO (News 1st) - මාර්ගගත ඉගැන්වීම්වලින් (Online) හෙට(12) දවසේ සිට ඉවත් වන බව ගුරු විදුහල්පතිවරු වෘත්තීය සමිති එකමුතුව පවසයි.
එහි සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් මෙම අදහස් පළ කළේ, අද පැවති මාධ්‍ය හමුවකදීය.
අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමි,
අපි මාර්ගගත ඉගැන්වීම්වලින් හෙට(12) දවසේ සිට ඉවත් වන බව අපි ප්‍රකාශට පත්කර සිටිනවා. විශේෂයෙන්ම ආණ්ඩුව මේ අවස්ථාවේ ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ සැබෑ ප්‍රශ්නයට උත්තරයක් දෙන්නට තිබෙන නොහැකියාව නිසා මේ කොරෝනා වසංගතය භාවිතා කරලා ඒ මර්දනයට සූදානම් වනවා. මර්දනය කරන්න කරන්න අපි සටන ත්‍රිවෘ කරනවා. ලෝකයෙන්ම වෙනස් වෙලා අද අපේ රටේ නිරෝධායනය පාවිච්චි කරන්නේ දඬුවම් ලබා දීමේ ක්‍රියාවලියක් හැටියට ඒක නිසා අපි ආණ්ඩුව නිරෝධායනයට මුවාවෙලා අපිව ආපස්සට තියන්න හදනවනම් අපි ඒ මර්දනයට එකමුතුව මුහුණ දෙන්නට සූදානම් බව මේ අවස්ථාවේ තරයේ කියා සිටින්නට කැමතියි.