හසලකදී කොටියෙකු මද්දකට බිලිවෙයි..

හසලකදී කොටියෙකු මද්දකට බිලිවෙයි..

by Staff writer 11-07-2021 | 8:00 PM

COLOMBO (News 1st) – හසලක, මහගලඉන්න ප්‍රදේශයේදී මද්දකට හසවූ කඳුකර කොටියෙකු අද(11) පෙරවරුවේ මිය ගියේ ය.

ඊයේ රාත්‍රී කාලයේදී මද්දකට හසුවූ කොටියා ප්‍රදේශවාසින් විසින් දැක තිබුණේ අද උදෑසනයි. පසුව ප්‍රදේශවාසීන් විසින් එම අවස්ථාවේදීම හසලක වනජීවි කාර්යාලය දැනුවත් කර තිබේ. වනජීවි නිලධාරීන් පැමිණියත්, පශු වෛද්‍යවරයෙකු එම ස්ථානයට නොපැමිණීම නිසා කොටියා මුදා ගැනීමට තවත් පැයකට අධික කාලයක් ගත වූ බව ප්‍රදේශවාසීන් පවසයි. පසුව උදෑසන 8.00ට පමණ රන්දෙණිගල පශු වෛද්‍ය කාර්යාලයේ වෛද්‍යවරයෙකු එම ස්ථානයට පැමිණියත් කොටියාගේ දිවි බේරා ගැනීමට නොහැකි විය.