COLOMBO (News 1st) - තෙල් මිලත් සමග උදය ගම්මන්පිල අමාත්‍යවරයා පිළිබඳ දැඩි කතාබහක් ඇති විය.
මේ අතර උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ අද මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසීමක් කළේය.
ප්රශ්නය,
විශ්වාසභංගයට බය ද ?
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,
ජීවිතේට බය අඳුරන්නේ නැහැ, ඔයාට මාව විශ්වාස නැත්නම් අපේ අම්මගෙන් අහන්න. මම ජීවිතේ කවදාවත් බය වෙලා නැහැ. දැකලා තියෙනවා ද මගේ මූණේ බයක් එකම එක දවසකවත්, වේදනාව, හැමදාම ඉන්නේ සැහැල්ලුවෙන් තමයි.
ප්රශ්නය,
බැසිල් මහත්තයත් පාර්ලිමේන්තුවට ආවා. එතුමා සහයෝගය ලබා දෙයිද විශ්වාසභංගයට?
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,
මම අවිනිශ්චිත අනාගය ගැන නිශ්චිත ප්‍රකාශ කරන්න කැමති නැහැ. ඉවසලා ඉන්න 20 වැනි දා හවස වෙද්දි මොකද වෙන්නේ කියලා හරියටම බලා ගන්න පුළුවන්.
ප්රශ්නය,
ඉදිරියේදී ඔබතුමාගේ අමාත්‍යාංශයෙත් කොටසක් කඩලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙනවා කියලා මාධ්‍ය වාර්තා කරලා තිබ්බා?
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,
මම ඉපදෙන කොට අමාත්‍යාංශ අරගෙන ආවෙත් නැහැ. මැරෙනකොට අරන් යන්තෙන් නැහැ. මම කරපු පින් විතරයි මම අරන් යන්නේ. කරපු පින් තමන් අරන් ආවේ. ඒ නිසා මේ අනිත්‍ය ලෝකේ අමාත්‍යාංශ විතරක් නිත්‍යයි කියලා මම හිතාගෙන නැහැ. අගමැතිතුමාගේ නිර්දේශය මත ජනාධිපතිතුමාට ඕනෑම අමාත්‍යාංශයක් ඕනෑම ආයතනයක් වෙනස් කරන්න බලය තියනවා. ඕනෑම ඇමති කෙනෙක් ඒ බලයට යටත්.