by Staff writer 08-07-2021 | 9:48 PM
COLOMBO (News 1st) - ලිට්රෝ ගෑස් සමාගම විගණකාධිපතිවරයාගේ විගණනයට යටත් නොවීම පිළිබඳව ඊයේ (07) පොදුව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ විවාදයට ගැනිණි.
ලිට්රෝ සමාගමේ 99% ක කොටස් හිමිකාරිත්වය ඇත්තේ පොදු ව්‍යාපාරයක් වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුවයි.
නමුත් ලිට්රෝ ගෑස් සමාගම විගණනය කිරීම පවරා ඇත්තේ, පෞද්ගලික විගණන ආයතනයක් යටතටයි.
ඊයේ ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මෙන්ම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික අනිල් කොස්වත්ත, රක්ෂණ සංස්ථාවේ සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට කෝප් කමිටුවට කැඳවා තිබුණි.
මේ එහිදී ඇති වූ සංවාදයයි..