අමාත්‍යංශ කිහිපයක විෂය පථයන් වෙනස් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

by Staff writer 08-07-2021 | 9:22 AM

COLOMBO (News1st) :  අමාත්‍යංශ කිහිපයක විෂය පථයන් වෙනස් කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

එම ගැසට් නිවේදනය මගින් මුදල්, නගර සංවර්ධන හා නිවාස , බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇතුළු අග්‍රාමාත්‍යවරයා යටතේ ඒකාබද්ධව තිබූ අමාත්‍යාංශ අතරින් මුදල් අමාත්‍යාංශය වෙනම අමාත්‍යාංශයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. මේ අතර ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය නමින් නව අමාත්‍යාංශයක්ද මේ ගැසට් නිවේදනය මගින් ස්ථාපනය කර ඇත. ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුව, මහජන උපයෝගිතා කොමිසම ඇතුළු ආයතන 10 ක් ඊට ඇතුළත් කර තිබේ. මේ අතර අලුතින් ආරම්භ කළ සෙලෙන්දිව ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් මෙම ගැසට් නිවේදනය මගින් ඇතුළත් කර ඇත්තේ නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශයටයි. වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයක් අලුතින් ස්ථාපනය කර ඇති අතර මීට පෙර නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රා පවිත්‍රතා කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශය යටතේ තිබූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ද ඊට ඇතුළත් කර තිබේ. අලුතින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනය හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු , පළතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදනය හා උසස් තාක්ෂණ කෘෂිකර්ම නමින් නව රාජ්‍ය ආමාත්‍යාංශයක් ද ස්ථාපිතයි. ජාතික පොහොර ලේකම් කාර්යාලය හා රජයේ පොහොර සමාගම් ඇතුළු ආයතන 7 ක් නව රාජ්‍ය ආමාත්‍යාංශයට ඇතුළත් කර තිබේ.