මින්නේරිය සිද්ධිය සොයන්න යුද හමුදාවෙන් කමිටුවක්

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සිද්ධිය ගැන සොයන්න යුද හමුදාවෙන් කමිටුවක්

by Staff writer 30-06-2021 | 10:56 PM

COLOMBO (News 1st): මින්නේරිය ජාතික වනෝද්‍යානයට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු ඇතුළු කණ්ඩායමක් අනවසරයෙන් ඇතුල්වීම හේතුවෙන් මතුවූ තත්ත්වය වාර්තාවීමත් සමග යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ පිළිබඳ සෙවීමට කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුව පත් කර තිබෙන්නේ ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරාල්වරුන් දෙදෙනකු යටතේය සිද්ධියට අදාළ විමර්ශන තොරතුරු එක්රැස් කිරීම සිදු කෙරෙන අතර මේ පිළිබඳ වාර්තාව කඩිනමින් හමුදාපතිවරයා වෙත භාරදීමට නියමිත බව යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේය.

සබැඳි පුවත -

වනජීවී නිලධාරීන්ට පහර දුන් බවට සැක යුද හමුදා මේජර් ඇතුළු පිරිස වහා අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝග