.webp)
මුදල් අමාත්‍යාංශය 2021 ඇල ඉරක් 065. මේ තියෙන්නේ කැබිනට් පත්‍රිකාව මේ අත්සන් කරන්නේ කවුද මහින්ද රාජපක්ෂ මහත්මයා. අර එදා ඒ ගොල්ලෝන්ගේ ටොප් ටෙන් වංචාවට ඒ වාහන ගෙනල්ලා ගලවලා ඒවා නැවත ලංකාවට ගෙනල්ලා හයිකරලා අලුත් වාහන ලෙස ලියාපදිංචි කරලා විකුණන්නද දෙන දැවන්ත ජාවාරමට අවසර දෙන්න කියලා ඉල්ලලා තමයි මේ කැබිනට් පත්‍රිකාව දැන් යොමු කරලා තියෙන්නේ. මේක අත්සන් කරපු මහින්ද රාජපක්ෂ මහත්තයා දන්නේ නැහැ. මේකේ මොනාද තියෙන්නේ කියලා. එතකොට 2002 වෙයිකල් ලංකා සමාගමට බලපත්‍රය දෙනකොට ආයෝජන මණ්ඩලය දීපු අනුමැතිය තමයි රුපියල් මිලියන 500ක විදේශ ආයෝජනයන් ගෙනල්ලා ලංකාවේ අර වොක්ස්වැගන් ගෙනල්ලා හදනවා වාහන මෙහේ එකලස් කිරීම සඳහා වෙච්ච කර්මාන්ත හදන්නේ මේක මොකද කරන්නේ ගැරේජ් එකකට ජපානය ගලවන වාහන ටික ගේනවා මේ ගැරීජ් එකේ ආපහු වාහන ටික ෆික්ස් කරනවා මෝටර් රථයකට දාලා ලියාපදිංචිකරලා විකුණනවා. ඒ නිසා බී.ඕ.අයි. එක 2002 ඉදන් මේ අනුමැතිය දීලා 2006 මේ සමාගමට ලිපියක් ලියනවා ඔබට මේ ආයෝජනය කරලා නැහැ ඔබ මිලියන 500 වෙනුවට රුපියල් ලක්ෂ 5 යි ආයෝජනය කරලා තියෙන්නේ. ඒ නිසා ඔබ මේ ව්‍යාපෘතියට සුදුසු නැහැ ඒක නිසා මේ අවසරය දෙන්න බැහැ කියලා කියනවා. අධිකරණය අවස්ථා ගණනාවකදී මේ සමාගමට අධිකරණයටවත් ආපහු එන්න එපා කියලා තියෙන්නේ. අපි අහනවා එදා ටොප් ටෙන් විච්ච වංචාවලට කොහොමද බෙස්ට් ඉන්වෙස්මන්ට් හැටියට මේ ආණ්ඩුව ඇපෘවල් දෙන්න හදන්නේ. අපි දන්නවා ගම්පහ දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු කිහිපදෙනෙකුට වාහන දීලා තියනවා. ඒකට අපිට පැමිණිල්ලක් දැම්මා දූෂණ විරෝධී මඩ සංවිධානය ලෙස භාණ්ඩාගාරයට යන්න තියන මිලියන 25000 අද රාජපක්ෂාගාරයට යන්න හදන වැඩක් තමයි මේ හදමින් තියෙන්නේ. එක වෙලාවක වලාන දූෂණ මර්ධන ඒකකයත් රේගුවත් ගිහිල්ලා මේ ගැරේජ් එක සීල් කරනවා සිල් කඩලා වහාන 18 ක් විකුණනවා මේ අයිතිකරුවන් අද වෙනකම් විමර්ශනය කරන්නේ නැහැ. මොකද මේ ජාවාරම්කරුවා එක්ක ඔහුගේ වාහන පදින ඇමතිවරු කැබිනට් මණ්ඩලයේ ඉන්නවා