වසර ලක්ෂයකට පෙර සිටි මානව වර්ගයක් ඊශ්‍රායලයෙන්

මීට වසර ලක්ෂයකට පෙර ජීවත් වූ මානව වර්ගයක් ඊශ්‍රායලයෙන් හඳුනා ගනී

by Staff writer 25-06-2021 | 5:38 PM

News 1st - මීට වසර ලක්ෂයකට පමණ පෙර ජීවත් වූ මානව වර්ගයක් ඊශ්‍රායලයෙන් හඳුනාගෙන තිබේ.

පර්යේෂණය සිදු කළ ඊශ්‍රායල පර්යේෂක කණ්ඩායම සඳහන් කළේ, එරට රම්ලා නගරයේ තිබී‍ එම මානව වර්ගයේ පොසිල කොටස් හඳුනා ගෙන ඇති බවයි. ඒ අනුව, මීට වසර එක් ලක්ෂ 40,000ත් එක් ලක්ෂ 20,000ත් අතර කාලයකට පෙර ජීවත් වූ පුද්ගලයෙකුගේ අර්ධ හිස් කබලක් සහ හකු කොටසක් පර්යේෂකයින් විසින් සොයාගනු ලැබ තිබේ. අලුතින් සොයාගත් පුරාණ මානව වර්ගය "නේෂර් රම්ලා හෝමෝ වර්ගය" ලෙස විද්‍යාඥයින් විසින් නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ටෙල් අවිව් විශ්වවිද්‍යාලයේ ආචාර්ය හිලා මේ මහතා පැවසුවේ, මෙම සොයා ගැනීම මානව පරිණාමයේ කතාව විශේෂයෙන්ම නියැන්ඩර්තාල්වරුන්ගේ කතාව නැවත සකස් කරන බවය.