මියගිය කැස්බෑවන් අද (22) ත් වෙරළට ගොඩ ගසයි

මියගිය කැස්බෑවන් අද (22) ත් වෙරළට ගොඩ ගසයි

by Staff writer 22-06-2021 | 9:59 PM

COLOMBO (NEWS1ST) : අද (22) ත් ස්ථාන කිහිපයක වෙරළට මිය ගිය කැස්බෑ සිරුරු ගොඩ ගසා තිබිණ.

අප වාර්තාකරුවන් පැවසුවේ, කොස්ගොඩ හා හම්බන්තොට වෙරළ තීරයන්ට කැස්බෑ සිරුරු 02 ක් ගොඩ ගසා තිබූ බවයි. බේරුවල ධීවර වරාය ආසන්නයට හා පොතුපිටිය මුහුදු වෙරළ තීරයෙන් ද මිය ගිය කැස්බෑ සිරුරු දෙකක් හමු විය. පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මේ වන විට ඔවුන්ට වාර්තා වී ඇති මුහුදු ජීවි මරණ සංඛ්‍යාව 97 ට ආසන්න වන බවයි. ඒ අතර කැස්බෑවන් 80 ක් පමණ වන බව ද සඳහන් ය.