සිංහයාට කොරෝනා වැළඳුණේ කෙසේද?

දෙහිවල සත්තු වත්තේ සිංහයාට කොරෝනා වැළඳුණේ කෙසේද?

by Staff writer 19-06-2021 | 1:57 PM

COLOMBO (News 1st) - දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයාට කොරෝනා ආසාදනය වූයේ කෙසේදැයි තහවුරු කර ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ, ඒ සඳහා දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන්ගේ ද සහය ලබා ගන්නා බවයි. දෙහිවල සත්වෝද්‍යානයේ 'තෝර්' නැමති සිංහයාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව එම සත්ත්වයා වෙනම රඳවා පරීක්ෂණ ආරම්භ කර ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ඊයේ සඳහන් කළේය. මෙලෙස වෛරස ආසදනය වී ඇති බවට තහවුරු වූයේ 2013 වසරේ දකුණු කොරියාවේ සෝල් සත්වෝද්‍යානයෙන් රැගෙන ආ 11 හැවිරිදි සිංහයෙකුටයි.