ඔන්ලයින් ක්‍රමයට මත්පැන් බෙදාහරින යෝජනාවක්?

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් බෙදාහරින යෝජනාවක්?

by Staff writer 15-06-2021 | 10:24 PM

COLOMBO (NEWS1ST) :  මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලැබුණ හොත් මාර්ගස්ථ ක්‍රමයට මත්පැන් බෙදාහැරිම සඳහා ඉතාමත් ම සීමිත කෝන්දේසි සහගත අවසරයක් පමණක් ලබා දිමට හැකියාවක් ඇති බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කළේ, වයින් ස්ටෝස් ලෙස හදුන්වනු ලබන ස්ථානවලින් ඔන්ලයින් ක්‍රමයට මත්පැන් ලබා ගැනීම සඳහා මත්පැන් කර්මාන්තයේ නියුතු ආයතන , ජාලගත සුපිරි වෙළෙඳසැල් මෙන්ම මත්පැන් පාරිභෝගිකයන් විසින් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විවිධ ඉල්ලිම් කළ බවයි. ඒ අනුව එම ඉල්ලිම් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව සිය නිරීක්ෂණ හා නිර්දේශ මුදල් අමාත්‍යංශය වෙත ඉදිරිපත් කළ බව ද සුරාබදු කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.