COLOMBO (News 1st) - මෙවර පැවති පොහොර හිඟය හේතුවෙන් මෙම කන්නයෙහි අස්වැන්න සීඝ්‍ර ලෙස අඩු වී අනාගතයෙහි ආහාර හිඟයක් නිර්මාණය විය හැකි බවට විද්වතුන් අනතුරු අඟවයි.
රුහුණ විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ මහාචාර්ය නාලිකා රණතුංග මහත්මිය,
යල කන්නේ අස්වැන්න දැන් අපිට මාස කිහිපයක් තුළ ලැබෙනවා. ඒ අස්වැන්න අඩු වීම තුළ මේ රටේ විශාල ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවන බව ඉතාමත් පැහැදිලියි. මේ ආහාර හිඟයට අමතරව ආහාරවල මිල දැඩි ලෙස ඉහළ යාමට මුහුණ දීමට නියමිතයි. මේ ආහාර මිල ඉහළ යාම තුළ මේ රටේ දුප්පත් ජනතාවට ආහාර වේල සපයා ගැනීමේ විශාල ගැටළුවකට මුහුණ දීමට සිදුවන බව මං විශ්වාස කරනවා. ඒකට හේතුව තමයි අපි දැන් වසංගතයකට මැදි වෙලා ඉන්නේ මේ වසංගතය අතරේ මේ අවස්ථාවේ ආහාර හිඟයක් ඇති වීම තුළින් ගැටළුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවෙනවා ඇති.
ශ්‍රී ලංකා ජාතික කෘෂිකර්ම ආයතනයේ සංස්කාරක මාහාචාර්ය බුද්ධි මාරබේ මහතා පැවසුවේ ආහාර සුරක්ෂිතාව යනු ජාතික ආරක්ෂාවක් වැනි දෙයක් බවත් නැති කර ගතහොත් මේ තියෙන ආර්ථික ක්‍රමය වැඩිදුර යා නොහැකි බව සඳහන් කළේය.