.webp)
COLOMBO (News 1st): අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා දේශපාලනමය වශයෙන් පීඩාවට පත් නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය ඉල්ලා සිටින්නීය.
නිවේදනයක් නිකුත් කරමින් තලතා අතුකෝරල මහත්මිය අවධාරණය කරන්නේ ශානි අබේසේකර මහතාට සහ අනෙකුත් සියලුම දේශපාලන සිරකරුවන්ට එරෙහි ද්වේශ සහගත දඩයම, රජය වහාම නතර කළ යුතු බවය. ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ සිරගත කිරීමේ සිදුවීම යුරෝපීය පාර්ලිමේන්තුව විසින්ද පසුගිය සතියේ සාකච්ඡාවට බඳුන් කළ බව තලතා අතුකෝරල මහත්මිය සිහිපත් කළාය.