කොරෝනා ආසාදිත මරණ 57ක්

ගෙවුණු දිනයේ (13) මෙරටින් කොරෝනා මරණ 57 ක්...

by Sagarika Chathumali 14-06-2021 | 9:52 PM

COLOMBO (NEWS1ST) :  ඊයේ (13) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිත මරණ 57ක්  වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (14) දිනයේ එම මරණ තහවුරු කරනු ලැබූ බවයි. මියගිය පිරිසෙන් 32 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 25 දෙනා කාන්තාවන් ය.