COLOMBO (NEWS1ST) : ඉන්ධන මිල වැඩි කිරිමේ වගකීම භාරගෙන විෂය භාර අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බව ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නිතිඥ සාගර කාරියවසම් මහතා අවධාරණය කරයි.
තෙල් මිල වැඩි කිරිම සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දෙන්නේ, මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි බව තේරුම්ගෙන නිසි අවස්ථාවන්හිදි අවශ්‍ය තින්දු තීරණ ගැනීමට අදාල විශයභාර අමාත්‍යවරයා කටයුතු නොකිරිම මත රජයට මෙවැනි අසිරු තත්වයකට පත්වීමට සිදුව ඇති බවයි.