සිරස TV සියවසක් වැනි 23 ක්..

සියවසක් වැනි 23 ක්..: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් වංශ කතාවේ නවමු පෙරළියේ උපන් දිනය..

by Staff writer 10-06-2021 | 9:55 PM

COLOMBO (News 1st) - 1998 ජුනි මස 10 වැනිදා,

සාමාන්‍යයෙන්, අසාමාන්‍ය දෙයක්, ඒ සිරස ටී.වී සමාරම්භය යි. එදා රූපවාහිනියේ අලුත් රූප මැවූ සිරස වසර 23 කට පසුත් ජනතාවගේ අංක එකේ නාලිකාවයි. ඒ, රස පූර්ණ දෙස් - විදෙස් ටෙලි නාට්‍ය, කලාත්මක, කාලීන හා දේශපාලන වැඩසටහන් හේතුවෙනි. සිරස අදටත් රියැලිටි ටෙලිවිෂන් කරණයේ ප්‍රමුඛ්‍යායි. ගම්දනව්වල සිටින දක්ෂයින් වෙනුවෙන් එදා සිරස ටී.වී. තැනූ සිරස සුපර් ස්ටාර් වේදිකාවෙන් උපන් දක්ෂයින්, අද මෙරට ගායන තරු බවට පත්ව සිටී. සිරස ඩාන්සින් ස්ටාර්, සිරස කුමරිය හා මෑන් හන්ට් ,සිරස ප්‍රේක්ෂකයින්ට තිලිණ කළ තවත් නවමු වැඩසටහන් කිහිපයකි. පුංචි පහේ මං , පෙන්ටතලන්, ද ඩිබෙටර්, වැනි වැඩසටහන් තුළින් ප්‍රේක්ෂක විචාර දැනුම වර්ධනය කිරීමට ද සිරස ටී.වී. පුරෝගාමී මෙහෙවරක නිරත විය. අන්තර්ජාතික ප්‍රමිතිකරණයෙන් යුත් සිරස ලක්ෂපති වැඩසටහන මේ වනවිට ශ්‍රී ලාංකේය ජන සමාජයේ විවිධ තැන් ස්පර්ශ කරන අතිශය සංවේදී ආන්දෝලනාත්මක ටෙලිවිෂන් අත්දැකීමක් බවට පත්ව තිබේ. දැන් ද වොයිස් ශ්‍රී ලාංකේය තරුණ හඬ ජාත්‍යන්තරයට රැගෙන යාමට සිරස සුදානම්. ප්‍රේක්ෂක ජනයා නිවෙස්වලට මුළුව සිටින මේ මොහොතේ සැම සිත් සනහාලන සහෘදයා වන්නට සිරස ටී.වී. සමත්ව සිටී. සතුටේදී වගේම ජනතාව දුකට පත් විටත් ළඟම නෑයා වුනේ සිරසයි. ගංවතුර,මහා පෑවිලි ,නායයෑම් ,ගිනි ගැනීම් වැනි ස්වභාවික ආපදාවලදී අප ඔබ සොයා ආවේ සිරස සහන යාත්‍රාව සමගින්. ඒ ලෙංගතුකම සමග සිරස ටී.වී. අද සංවත්සරය සමරන්නේ 'සියවසක් වැනි 23 ක්' යන තේමාව සමගිනි.