නිරෝධායන නීති කැඩූ 1,034ක් කොටු..

නිරෝධායන නීති කැඩූ 26,000කට නඩු..

by Hashini De Mel 09-06-2021 | 8:50 AM

COLOMBO (News 1st) - නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 1,034 ක් පසුගිය පැය 24 තුළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පසුගිය ඔක්තොම්බර් 30 වැනි දා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 26,920 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙයින් පුද්ගලයින් 26,000 කට පමණ මේ වනවිට නඩු පවරා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. අනෙක් පුද්ගලයින්ට ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.