උපන්දින සාදය නිසා සංවාදාත්මක තත්ත්වයක් ..(VIDEO)

සංචරණ තහනමේදී උපන්දින පාර්ටි දැමූ පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායනයට : චන්දිමාල්ගේ රියැදුරුට දඩ (VIDEO)

by Staff writer 02-06-2021 | 9:18 PM

COLOMBO (NEWS1ST) :  රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා සහ නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලි මහත්මිය ඇතුළු පිරිසක් නිරෝධායන නීති කඩ කරමින් සාදයක් පැවැත්වූ බව කියන සිද්ධිය පිළිබඳව මේ වනවිට සංවාදයක් ඇතිවී තිබේ.

අධිකරණයෙන් ඇප ලබා පිටව යන අවස්ථාවේ ඔවුන් ගමන් කළ රථයේ රියැදුරු මාර්ග නීති කඩ කළැයි, අද (02) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණ. පසුව ඔහු ඔහු මුදාහැරුණේ, රුපියල් 12500 මුදල් ඇපයක් මතයි. පසුගිය 31 වන දා අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී සුදු ඉර මතින් මාර්ග නීති උල්ලංඝනය කර වාහනය හැරවීමේ චෝදනාව මත කෙසෙල්වත්ත පොලීසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබිණ. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 12,500 මුදල් ඇපයක් මත නිදහස් කර තිබේ. මේ අතර රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා පසුගියදා සංවිධානය කළ සාදයට සහභාගී වූ තවත් පුද්ගලයින් හත් දෙනෙකු අද අත්අඩංගුවට ගැනුණු අතර, ඒ අනුව අත්අඩංගුවට ගැනුණු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 15 කි. ඉන් 13 දෙනෙකු අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරි අතර, නිරෝධායන නීති පිළිබඳව සාකච්ඡා කිරීම අද පස්වරුවේ කොටුව පොලීසියට ගෙන එනු ලැබිණ.