by Staff writer 02-06-2021 | 9:05 PM
COLOMBO (NEWS1ST) : පවතින තත්ත්වය හමුවේ වුවද රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩ තැබිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජන ජීවිතය අඩාල නොවන පරිදි අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යාමට කටයුතු කළ යුතු බවයි.
පළාත් ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමග අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති මාසික හමුවේ දී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ ආර්ථික ක්‍රියාකාරකම් හැකි පමණ පවත්වා ගැනීමට සහය දිය යුතු බවටයි.
මේ අතර ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, නගරාධිපතිවරුන් හා ප්‍රාදේශිය කොමසාරිස්වරුන්ගෙන් සමන්විත රැස්විමක් අද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති බව අමාත්‍ය නාමල් රාපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකයේ නිල ට්වටර් ගිණුමේ සඳහන් විය.
අදාළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්ව තිබුණේ, මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෙහාන් සේමසිංහ , රොෂාන් රණසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි.