ආණ්ඩුවේ යාන්ත්‍රණය ගැන විශ්වාසය ජනතාවගෙන් ගිලිහිලා

ආණ්ඩුවේ සියලු යාන්ත්‍රණ කෙරෙහි විශ්වාසය ජනතාව තුළින් ගිලිහී ගිහින් - විපක්ෂ නායක

by Staff writer 02-06-2021 | 10:14 PM

COLOMBO (News 1st) - ආණ්ඩුවේ සියලු යාන්ත්‍රණ පිළිබඳ විශ්වාසය ජනතාව වෙතින් ගිලිහී ගොස් ඇති බව නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ආණ්ඩුවේ එකිනෙකට පරස්පර වැඩපිළිවෙළ හේතුවෙන් බරපතල තත්ත්වයක් රටතුළ උද්ගතව ඇති බව විපක්ෂ නායකවරයාගේ නිවේදනයේ සඳහන් ය. ආණ්ඩුව ඊනියා ලෙස පොහොර තහනමක් ගෙන ආ අතර එය හුදෙක් දේශපාලන අරමුණක් බව පෙන්වාදෙන විපක්ෂ නායකවරයා පවසන්නේ බලවත් පීඩාවකට පත්ව සිටින ධීවර ප්‍රජාවගේ ජීවිත නැංවීම වෙනුවෙන් ආණ්ඩුවේ කිසිදු ක්‍රියාමාර්ගයක් නොමැති බවයි. ඇඟලුම් කම්හල් ආශ්‍රිත තරුණ ප්‍රජාව, කොළඹ සහ තදාසන්න තට්ටු නිවාස, වතු නිවාස සහ වෙනත් නිවාස ආශ්‍රිතව ජීවත්වන ජනතාවද දැඩි පීඩාවකට පත්ව සිටින බව ඔහුගේ නිවේදනයේ සඳහන් ය. විපක්ෂ නායකවරයා පවසන්නේ, පවතින තත්ත්වය පිළිබඳ කෙටිකාලීන, මධ්‍යකාලීන හෝ දිගුකාලීන කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුවට නොමැති බවය.