by Staff writer 27-05-2021 | 8:51 PM
COLOMBO (News 1st) - තද සුළං සමග සිදු වූ ගස් කඩා වැටීම් හේතුවෙන්, පාරිභෝගිකයින් 177,000කට අධික පිරිසකට විදුලි බලය බිඳ වැටී ඇතැයි විදුලි බල අමාත්‍යාංශය පවසයි.
විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, අද(26) රාත්‍රියේ හෝ හෙට(27) උදෑසන වනවිට විදුලිය සැපයුම් යථාතත්ත්වයට පත් කළ හැකි වනු ඇති බවය.
තවදුරටත් පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.