home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
සංජේ රාජරත්නම් නව නීතිපති ලෙස දිවුරුම් දෙයි
by Staff writer
26-05-2021 | 7:12 PM
COLOMBO (NEWS1ST) : නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා අද (26) පත් කෙරිණ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට අදාළ පත්වීම් ලිපිය අද පස්වරුවේ ලබා දුන්නේ , ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා නව තනතුරට පත්වීමට පෙර වැඩබලන සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කළේ ය. 1988 දී නීතිපති දෙපාර්තමේන්තුවට බැඳී ඇති රාජරත්නම් මහතා වසර 34 ක සේවා කාලය තුළ එහි තනතුරු ගණනාවක් හොබවා තිබේ. මෙරට ප්‍රකට නඩු ගණනාවක් සඳහා පෙනී සිට ඇති රාජරත්නම් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි අංශය , ඇතුළු ආයතන ගණනාවක්කට නිති උපදේශකයකු ලෙස ද කටයුතු කර තිබේ. කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ හා රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ඒ මහතා එංගලන්තයේ සොලිටර්වරයෙකි. ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධියක් ද ලබා ඇති ඔහු සිවිල් හා අපරාධ අංශ පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති අයෙකි. රාජරත්නම් මහතා ශ්‍රී ලංකා නිති කොමිෂන් සභාවේ හා නීති අධ්‍යාපන කවුන්සිලයේ සමාජිකයක් ද වේ.
වෙනත් ලිපි
ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක්, 28ක් මරුට
ඩෙංගු අධි අවදානම් කොට්ඨාස 38ක්...
ආරක්ෂිත ඖෂධ තොගයක් පවත්වාගෙන යාමට රජයෙන් තීරණයක්
මැතිවරණ කොමිසමෙන් දේශපාලන පක්ෂවලට දැනුම්දීමක්...
සිරස වෙසක් කලාපයේ ධාතුන් වහන්සේ වන්දනාව අවසන්
දුරගමන් බස් ධාවනයේදී ලංගමයෙන් නව ආරක්ෂිත ක්‍රමවේද
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය