ලිට්රෝ සමාගම ජනතාව නොමග යවනවාද?

ලිට්රෝ සමාගම ජනතාව නොමග යවනවාද?: පාරිභෝගික කටයුතු අධිකාරිය කුමක් කරයිද?

by Staff writer 17-05-2021 | 1:39 PM

COLOMBO (News 1st) : ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් සිය නව සිලින්ඩරය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කරමින් ජනතාව නොමග යවන බවට රසායනාගාර වාර්තා හරහා ඔප්පු වී තිබේ.

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් විසින් සමාජ මාධ්‍යවල වීඩියෝවක් ප්‍රකාශයට පත් කර ඇති අතර එහි දැක්වෙන්නේ, නව ලීටර් 18 සිලින්ඩරයේ සාමාන්‍ය කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයටට සාපේක්ෂව වැඩි ප්‍රොපේන් ප්‍රමාණයක් අඩංගු බවයි. පාරිභෝගික කටයුතු අධිකාරියට ලිපියක් යවමින් සමාගම කියා සිටියේ, නව සිලින්ඩරයේ ප්‍රොපේන් 40ත් 50%ත් අතර ප්‍රමාණයක් අඩංගු වන අතර එය සාමාන්‍ය සිලින්ඩරයේ 20%ක් බව ද එහි සඳහන් ය. නමුත් විද්‍යාගාර වාර්තා වලින් ඔප්පු වී ඇත්තේ , ලිට්රෝ ගෑස් මගින් කරන මෙම ප්‍රකාශය අසත්‍ය බවය. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ලබාගත් විද්‍යාගාර වාර්තාවල දැක්වෙන්නේ පැරණි සිලින්ඩරයේ ප්‍රොපේන් ප්‍රතිශතය සියයට 41.94 ක් අඩංගු වන අතර නව සිලින්ඩරයේ අඩංගු වන්නේ සියයට 40.93 ක් පමණක් බවය. නිෂ්පාදනයක් සම්බන්ධයෙන් අසත්‍ය හෝ නොමග යවන ප්‍රකාශ කිරීම පාරිභෝගික කටයුතු අධිකාරියේ පනත යටතේ වරදකි. මීට පෙර, ලිට්රෝ ගෑස් ලංකා සමාගම කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයේ බර මකා දමා අඩු කරන ලද ගෑස් ප්‍රමාණය සමග සිය නිෂ්පාදන විකිණුවේ ය. පාරිභෝගික කටයුතු අධිකාරියේ පනතේ 10 (4) වගන්තියේ සඳහන් වන්නේ , යම් භාණ්ඩයක ලේබලය ව්‍යාජ ලෙස වෙනස් කිරීම වරදක් බවයි. කෙසේ වෙතත් මෙම උල්ලංණයන් සම්බන්ධයෙන් මෙතෙක් නීතිමය පියවරක් ගෙන නැහැ. මේ පිළිබඳව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු අසේල සම්පත් මහතා අදහස් දැක්විය.
කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩර 2 ක් යන කඩේකට දැන් යනවා අලුත් සිලින්ඩරයෙන් යනවා සිලින්ඩර 3 1/2ක්. හෙට අනිද්දා කෑමවල මිල ගණන් වැඩි වෙයි. අලුත් සිලින්ඩරයේ ප්‍රෝපේන් වායුව වැඩිලු. ඒකෙන් කාර්යක්ෂමතාව ඉහළ යනවලු. හරබර වචන දාලා තුනවේල උයන් කන ජනතාවගේ ගෑස් සිලින්ඩරයටත් ගජ මිතුරන්ගේ සාක්කුවට දාලා ගෑස් සමාගම් පාඩු නම් සභාපතිගෙ ලක්ෂ 30ක විතර දීමනා කපන්නකෝ. ලිට්‍රො සමාගමට කියනවා ඔබලා කරපු වංචනික ක්‍රියාවට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්නවා. මේගොල්ලෝ හදන්නේ පුද්ගලික සමාගමට මේක භාර දෙන්න තමයි