home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගුවන් හමුදාවෙන් තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක්
by Sagarika Chathumali
13-05-2021 | 6:32 PM
COLOMBO (News 1st) :
ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ “තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය” නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දී තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ශ්වසන අපහසුතා ඇති රෝගීන්ට භාවිත කිරීමට ගුවන් හමුදාව නිෂ්පාදනය කළ මෙම ඒකකය ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත එලෙස භාර දී ඇති බවයි. කොවිඩ් 19 වසංගතය හමුවේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත නවෝත්පාදන ක්ෂේත්රයේ ජාත්‍යන්තර තානාපතිවරයෙකු වන විද්‍යාජෝති ආචාර්ය බන්දුල විජේ මහතාගේ සංකල්පයක් අනුව මහාචාර්ය රනිල් ද සිල්වා සහ වෛද්‍ය තිලංක රත්නපාල මහතා ඇතුළු ප්‍රවීණ වෛද්‍ය කණ්ඩායමකගේ දායකත්වයෙන් මෙම උපකරණ කට්ටලය නිර්මාණය කර තිබේ. පූර්ණ ආර්ධතාව සහිත අධිධාරිතාවයකින් පාලන උෂ්ණත්ව ඔක්සිජන් වායුව ශ්වසන අපහසුතා ඇති රෝගීන්ට ලබාදීම මෙම උපකරණය මගින් සිදු කෙරේ. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මගපෙන්වීමෙන් ගුවන් හමුදා අණ දෙන නිලධාරී ගෘප් කැප්ටන් ප්‍රසන්න මාටිනෝ මහතාගේ අධීක්ෂණය යටතේ ගුවන් හමුදා ඉංජිනේරු බලකායේ ගුවන් යානා නඩත්තු ඒකකය නිෂ්පාදන කටයුතු සිදු කර ඇත. සීමාවන්, ආරක්ෂිත අංග සහ කාර්ය සාධන ප්රමිතීන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කරන ලද අතර, විදුලි ආරක්ෂණ ප්‍රමිති අනුකූලතාව මොරටුව විශ්ව විද්‍යාලය විසින් සනාථ කර තිබේ. උපකරණයේ නිෂ්පාදන කටයුතු සඳහා ලක්ෂ 15ක මුදලක් වැය වෙතැයි, ඇස්තමේන්තුගත කර තිබුණ ද ලක්ෂ 03 ක් වැනි අඩු මුදලකින් නිෂ්පාදන කටයුතු නිම කිරීම විශේෂත්වයකි. දැනට උපකරණ කට්ටල 50 ක් නිෂ්පාදනයට සැලසුම් කර ඇති අතර සෞඛ්‍ය අංශවල අවශ්‍යතාව අනුව අඛණ්ඩව නිෂ්පාදන කටයුතු සිදු කෙරෙනු ඇති. මෙම උපකරණ කට්ටලය භාර දීමේ අවස්ථාවට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් සංජීව මුණසිංහ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිට ඇත.
වෙනත් ලිපි
ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක්, 28ක් මරුට
ඩෙංගු අධි අවදානම් කොට්ඨාස 38ක්...
ආරක්ෂිත ඖෂධ තොගයක් පවත්වාගෙන යාමට රජයෙන් තීරණයක්
මැතිවරණ කොමිසමෙන් දේශපාලන පක්ෂවලට දැනුම්දීමක්...
සිරස වෙසක් කලාපයේ ධාතුන් වහන්සේ වන්දනාව අවසන්
දුරගමන් බස් ධාවනයේදී ලංගමයෙන් නව ආරක්ෂිත ක්‍රමවේද
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය