''රට වසා දැමීමේ තීරණයක් නැහැ....'' යුධ හමුදාපති

BREAKING :''රට වසා දැමීමේ තීරණයක් නැහැ... ඉදිරි දින කිහිපය සඳහා පළාත් අතර සංචරණ සීමා පැනවීමට අවධානය'' - යුද හමුදාපති

by Sagarika Chathumali 10-05-2021 | 3:59 PM

COLOMBO (News 1st) : රට වසා දැමීම හෙවත් ලොක්ඩවුන් කිරීමේ කිසිදු තීරණයක් නැතැයි, කොවිඩ් - 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

නිවුස් ෆස්ට් වෙත යුද හමුදාපතිවරයා  කියා සිටියේ එසේ වුවත්, පළාත් අතර සංචාරණ සීමා පැනවීමට ඉදිරි දින කිහිපය තුළ පියවර ගනු ඇති බවයි. සංචරණ සීමා පැනවීමට පියවර ගැණුනත්, ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම ඇතුළු ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පියවර ගන්නා බව යුද හමුදාපතිවරයා අවධාරණය කළේ ය. යුද හමුදාපතිවරයා පැවසුවේ හෙට සිට (11) ත්‍රිවිධ හමුදාව යොදවා කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනම් කිරීමටද තීරණය කර ඇති බවයි. එහිදී කොවිඩ් රොගීන් බහුලව වාර්තා වු ප්‍රදේශ ආශ්‍රිතව කඩිනමින් එන්නත්කරණ වැඩ සටහන ක්‍රියාත්මක කරන බව ද යුද හමුදාපතිවරයා පැවසී ය. https://www.youtube.com/watch?v=SBbOFWniIuM