IPL ගිය තවත් ක්‍රීඩකයෙකුට කොරෝනා

IPL ගිය තවත් ක්‍රීඩකයෙකුට කොරෝනා

by Chathurika Jayasundara 08-05-2021 | 6:41 PM

COLOMBO (News 1st) – ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (IPL) කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතයට ඇතුළත් වූ නවසීලන්ත පිතිකරු ටිම් සෙෆීර්ට්ට (Tim Seifert) කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නැවත නවසීලන්තය බලා යෑමට පෙර කළ PCRපරීක්ෂණයක දී ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ .

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, නවසීලන්ත කණ්ඩායමේ සෙසු සියලුම සාමාජිකයන් සමග Tim Seifert ට නවසීලන්තයට ආපසු යාමේ වරප්‍රසාදය අහිමි වූ බවයි. ඔහු මේ වනවිට ඉන්දියාවේදී නිරෝධායනයට යොමුව ඇති අතර ඉදිරි දින කිහිපය තුළ ඔහු නැවත PCR පරීක්ෂාවකට ලක් කිරීමට නියමිත ය. කෙසේ වෙතත් Tim Seifert ට නවසීලන්තයේදී ද දින 14 ක කාලයක අනිවාර්ය නිරෝධායන කාලයක් ගත කිරීමට සිදුවන බව වාර්තා වේ.