ඉන්දියාවේ තත්ත්වය එන්න එන්නම දරුණු වෙයි

ඉන්දියාවේ තත්ත්වය එන්න එන්නම දරුණු වෙයි

by Staff writer 05-05-2021 | 4:35 PM

COLOMBO (News 1st) : කෝටි 2 කට වැඩි කොරෝනා ආසාදිතයින් සමග ඉන්දියාව තවමත් ඔක්සිජන් සොයමින් සිටී.

ගෙවුණූ පැය 24 තුළ තුන් ලක්ෂ අසූ දහසකට වැඩි ආසාදිතයන් පිරිසක්  ඉන්දියාවේ කොරෝනා ලැයිස්තුවට එකතු වූ අතර  අලුතින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 3780කි. අද දිනයේදී එරට රෝහලක රෝගීන්  5 දෙනෙකු  ඔක්සිජන් නොමැති වීමෙන් ජීවිතක්ෂයට පත් ‌තිබේ. නවදිල්ලිය සහ තවත් ප්‍රාන්ත හතරක කෝටි ගණන් ජනතාව ජීවිතය ඉල්ලමින්  සිටින අතර  කොවිඩ් මරණ ආදාහනය කිරීම සම්බන්ධයෙන් ද දැඩි අර්බූදයකට මුහුණ දී සිටී. ඉන්දියාවේ බොහෝ උද්‍යාන මේ වනවිට පොදු සුසාන භූමි බවට පත්ව ඇති අතර ආගමික පූජකවරුන්  පැය 24 පුරාම මියගිය අයට ශාන්තිය ප්‍රාර්ථනා කරමින් එම ස්ථානවල ගැවසෙන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මේ අතර ඉන්දියාවේ හයිද්‍රාබාද් සත්ත්වෝද්‍යානයේ ආසියාතික සිංහයන් 8 දෙනකුට ද කොරෝනා ආසාදනය වී ඇති බව එරට පරිසර අමාත්‍යාංශය පවසයි. සත්ත්වෝද්‍යාන පශු වෛද්‍ය කණ්ඩායම් විසින් කරන ලද PCR පරීක්ෂණවලින් ද ඒ බව හෙළි වී තිබේ.