by Chathuranga Rajapaksha 01-05-2021 | 6:47 PM
COLOMBO (News 1st): පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විවාහ මංගල්‍ය උත්සව මැයි 04(අඟහරුවාදා) සිට මැයි 20 දක්වා පැවැත්විය නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
මැයි 20 වැනිදායින් පසු පවතින කොවිඩ් තත්ත්වයට අනුරූපව එය නැවත සමාලෝචනය කරන බව ද ඔහු සඳහන් කළේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
අවමංගල්‍ය උත්සව සම්බන්ධයෙන් ද ඔහු අදහස් පළ කළේය.
මිය ගිය පුද්ගලයාගේ දේහය ඥාතීන්ට භාර දී පැය 24ක් තුළ අවසන් කටයුතු සිදු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගි විය හැකි උපරිම පිරිස 25ක් පමණක් බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.
මේ අතර කෘෂිකාර්මික කටයුතුවලට සීමා පනවා නොමැති අතර සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් එය සිදු කළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.