විදේශ තානාපතිවරුන් පිරිසක් සහ විපක්ෂ නායක අතර සාකච්ඡාවක්

by Staff writer 27-04-2021 | 5:41 PM

COLOMBO (News 1st) - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විදේශ තානාපතිවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් දැන් පැවැත්වේ.

විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට අමෙරිකා එක්සත් ජනපද තානාපති, කැනේඩියානු මහ කොමසාරිස්වරයා, ස්විට්සර්ලන්ත තානාපති, නෝර්වේ තානාපති, ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිස එක්ව සිටිති. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තලතා අතුකෝරාල, ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද සමගි ජනබලවේගයේ විදේශ ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයින් වන ආචාර්ය රොහාන් පල්ලේවත්ත, ආචාර්ය ගිහාන් ගුණතිලක, හරීම් පීරිස්  ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටිනු ඇත.