කොරෝනා රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන්වල හිඟයක් නැහැ

කොරෝනා රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන්වල කිසිදු හිඟයක් නැහැ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

by Staff writer 27-04-2021 | 4:00 PM

COLOMBO (News 1st) - කොරෝනා රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන්වල කිසිදු හිඟයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, කළුබෝවිල රෝහලේ ද ඔක්සිජන්වල කිසිදු හිඟයක් නොමැති බවය. මේ වනවිට මෙරට තුළ මෙඩිකල් ඔක්සිජන් ලබාදෙන කර්මාන්ත ශාලාවලින් ඔක්සිජන් ලබා දීමේ කිසිදු අඩුවක් සිදුව නොමැති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.