ඇෆ්ගන් යුද්ධය ගැන තලෙයිබාන් සංවිධානයෙන් ප්‍රකාශයක්

අමෙරිකාව පරදා අපි තමයි ඇෆ්ගන් යුද්ධය ජය ගත්තේ - තලෙයිබාන් සංවිධානය

by Staff writer 16-04-2021 | 9:52 AM

News 1st - ඇෆ්ගන් යුද්ධය අමෙරිකාව පරදා තමන් ජයගෙන ඇති බව තලෙයිබාන් සංවිධානය පවසයි.

තලෙයිබාන් සංවිධානයේ ප්‍රධානියකු මේ බව පවසා තිබෙන්නේ, බි.බි.සි ලෝක සේවය සමග වැඩසටහනකට එක් වෙමිනි. ඇෆ්ගනිස්ථාන දේශපාලන කණ්ඩායම් සමග බලය බෙදා ගැනීමට තමන් අපේක්ෂා කරන බව ද තලෙයිබාන් සංවිධානය පැවසීය. බෝල්ක් දිස්ත්‍රික්කයේ තලෙයිබාන් නායක හජි හෙක්මාත් සඳහන් කරන්නේ, අමෙරිකාව සිය හමුදාවන් ඉවත් කර ගැනීම ප්‍රමාද කිරීම පිළිබඳව සිය විරෝධය පළ කරන බවයි. මීට පෙර මැයි මාසයේදී සිය හමුදාවන් ඉවත් කර ගැනීමේ තීරණය සැප්තැම්බර් දක්වා කල් දැමීමට අමෙරිකාව පසුගිය දා තීරණය කළේ ය.