by Staff writer 15-04-2021 | 5:27 PM
COLOMBO (News 1st) : කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කරමින් විශේෂ මාධ්‍ය හමුවක් කොළඹ , අභයාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
එහිදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පැවසුවේ , වරාය නගරය චීන කොලනියක් බවට තමයි පත් කිරීමට සැරසෙන බවත්, එලෙස රට තුළ චීන කොළනියක් ඇති කිරීමට ඉඩ නොදෙන බවත් ය.
පාලකයින් පත් කළේ රට හැදීමට මිසක් , රට විකිණීමට හෝ බදු දීමට නොවන බවත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වැඩිදුරටත් සඳහන් කළේ ය.
https://youtu.be/BWeZKT8dFEM