අවලංගු වන රියැදුරු බලපත්‍රවලට මාස 6 ක සහන කාලයක්

අවලංගු වන රියැදුරු බලපත්‍රවලට මාස 6 ක සහන කාලයක්

by Staff writer 02-04-2021 | 1:47 PM

COLOMBO (News1 st) : 2021 වසරේ අප්‍රේල් 21 වැනිදා සිට සැප්තැම්බර් 31 වැනිදා දක්වා කාල සීමාව තුළ කල් ඉකුත් වීමට නියමිත සෑම රියැදුරු බලපත්‍රයකම වලංගු කාල සීමාව, කල් ඉකුත්වීමේ දිනයේ සිට තවත් මාස 6 කින් දීර්ඝ කර තිබේ.

ඒ ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි. පසුගිය වසරේ ජුලි 17 වැනිදා වලංගු කාල සීමාව තාවකාලිකව ලිහිල් කළ රියදුරු බලපත්‍ර සඳහා මෙය අදාළ නොවේ.