අන්තවාදී මතවාද ප්‍රචාරය කළ දෙදෙනෙකු දැලේ..

අන්තවාදී මතවාද අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කළ දෙදෙනෙකු අත්අඩංගුවට ..

by Staff writer 02-04-2021 | 3:53 PM

COLOMBO (News 1st) : අන්තවාදී මතවාද අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කිරීමේ චෝදනා මත සැකකරුවන් දෙදෙනෙකු පොලිස් ත්‍රස්ත්‍ර විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, සැකකරුවන් දෙදෙනා මඩකලපුව , කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 28 සහ 29 හැවිරිදි වියේ පසුවන දෙදෙ‍ෙනකු බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෑතකදී කටාර් රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද පුද්ගලයින් දෙදෙනෙකි.