by Staff writer 25-03-2021 | 5:11 PM
COLOMBO (News 1st) : මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයාගේ වැඩ තහනම් කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, ඔහු සතුව තිබූ ගංජා ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 510 ක් සොයාගත් බවයි.
වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර සිටි වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකු සහ සැකකරුවෙකු භාරව සිටින අතරතුර මෙම බන්ධනාගාර නියාමකවරයාව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.