සමගි ජන බලවේගයෙන් අගවිනිසුරුට ලිපියක්..

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසම පිළිබඳ සමගි ජන බලවේගයෙන් අගවිනිසුරුට ලිපියක්..

by Staff writer 02-03-2021 | 4:47 PM

COLOMBO (News 1st) - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 40 දෙනෙකුගේ අත්සන් සහිත ලිපියක් අද පස්වරුවේ අගවිනිසුරුවරයා වෙත භාර දී තිබේ.

ඒ, දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරිපත් කළ අවසන් නිගමනයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සමාජිකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලමිනි. අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වෙත යොමු කර ඇති ලිපිය මගින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඉල්ලා ඇත්තේ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මගින් ස්භාවයුක්තිධර්මයට බලවත් හානියක් සිදුව ඇති බවයි.